කුරුළෑ

කුරුළෑ යනු බොහෝ දෙනෙකුගේ සමේ හට ගන්නා සාමාන්‍ය රෝගයකි. මෙය සම මතු පිටින් මතුවන තෙල් බුබුළු වලට සමාන දෙයක් වන අතර එය ස්පර්ශ කිරීමෙීදී වේදනාව ගෙන දෙන්නක් වේ.

  • සාමාන්‍යයෙන් මිනිස් මුහුණේ කුරුළෑ බහුලව දක්නට ලැබේ.
  • ලෝකයේ සෑම දෙදෙනෙකු ගෙන් කෙනෙක් කුරුළෑ රෝගයෙන් පීඩා විදී.
  • එමෙන්ම මිනිස් පපු පෙදෙසින් හටගන්නාවු කුරුළෑ රෝගයෙන් පීඩා විදින රෝගීන් සංඛ්‍යාව මුලු ලෝක ඡනගහනයෙන් 15% ක් පමණ වේ.පින්තූරය කුරුලෑ ලප

සමෙහි හට ගන්නා කුරුළෑ මැඩීමට මා කල යුත්තේ කුමක් ද?

මෙි සදහා ස්වයං අත් ගුණ ප්‍රතිකර්ම දැන සිටීම ඔබට බෙහෙවින් උපකාරවේ.

  • කුරුළෑ ආබාධයට හසුවූ සම පෙදෙස දින දෙකකට වරක් හොදින් සේදිය යුතුවෙි. නිරන්තරයෙන් සේදීම සම ආසාධනයට පත්වීම හේතුකොට ගෙන කුරුළෑ තව දුරටත් නරක අතට හැරීමට ඉඩ තිබේ.
  • කුරුළෑ සෑදී ඇති සම පෙදෙස මෘදු සබන් හෝ විෂබීජ නාශක දියර, උණු කර නිවා ගත්පි රිසිදු ඡලය සමග මිශ්‍ර කර හොදින් සෝදා ගත යුතුය. රත්වූ ජලය හෝ අධික සීතල ජලය යොදා සේදීමෙන් කුරුළෑ තව දුරටත් නරක අතට හැරීමට ඉඩ තිබේ.
  • කුරුළෑ කැඩීම හෝ ශුද්ධ කිරීම නොකල යුතුය . මෙවැනි ක්‍රියා තුලින් කුරුළෑ තවදුරටත් ආසාදනයට ලක්වන අතර සම මතුපිට ස්ථිර වූ කැලලකට පරිවර්තනය වේ.
  • කුරුළෑ ඇති මුහුණු ආලේප කිරීම හෝ විලවුන් යෙදීමෙන් වලකින්න. ජලාශ්‍රිත ද්‍රව්‍යයන් යොදා නිෂ්පාදනය කර ඇති මුහුණු ආලේප භාවිතා කිරීම වඩාත් සුදුසුය. එයට හේතුව මෙම නිෂ්පාදන ද්‍රව්‍යයන්ගෙන් මුහුනේ ඇති සිදුරු අවහිර නොවීමෙී ඉඩකඩ බොහෝ දුරට ඇති බැවින් ය.
  • රෑ නින්දට යාමට පෙර මුහුණු ආලේපය (make-up) හොදින් සෝදා ඉවත් කරන්න.
  • සමෙි වියලි තත්ත්වය තුරන් කිරීමට රසායනික පදාර්ථ රහිත ජල මිශ්‍රිත කිුම් නිෂ්පාදනයන් පාවිච්චි කරන්න.
  • නිතර ව්‍යායාම් කටයුතු වල යෙදීමෙන් කුරුළෑ ඇති වීම වැලැක්වීය නොහැක. කෙසේ වුවත් ව්‍යායාම, මනස ප්‍රකෘතිමත් කිරීමත් මාංශපේෂි ශක්තිමත් කිරීමට පමණක් ඉවහල් වෙී. ව්‍යායාම කිරීමෙන් පසුව හැකි ඉක්මනින් ශරීරය පිරිසිදු කරන්න. නැතහොත් දහඩිය මගින් කුරුළෑ ආසාදනයට ලක්විය හැක.
  • ඔබේ හිසකෙස් නිතරම සෝදන්න. ඔබේ හිසකෙස් ඔබේ මුහුණට වැටීමෙන් වළකින්න.

කුරුළෑ සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවද එහි වර්ධනය නිසි ප්‍රතිකර්ම මගින් පාලනය කල හැකිය . කුරුළෑ අතිශයින් වර්ධනය වී ඇති අවස්ථාවක නිසි උපදෙස් සදහා වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය. කුරුළෑ මර්ධනය සදහා කීුම්, ලෝෂන් සහ ජෙල් වර්ග විවිධ අයුරින්ඔ සුසල් වල දක්නට ලැබේ. බෙන්සොයිල් පෙරොක්සයිඩ් (benzoyl peroxide) අඩු සාන්ද්‍රණය අඩංගු නිෂ්පාදන නිර්දේශ කළ හැකි නමුත් මෙය පරිස්සමින් පරිහරණය කරන්න. ඇතැම් නිෂ්පාදන ඇදුම් සහ රෙදි පිලි වලට හානි දායක වේ. ඔබේ පපුපෙදෙස සහ ශරීරයේ පිටුපස ඇති කුරුළෑ ඉතා වේදනා කාරී නම්, වහාම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ යුතුය. එසේත් නැත්නම් වෛද්‍යවරයෙකු මගින් නිර්දේශ කල හැකි ප්‍රබල කීුම් වර්ගයක් පාවිච්චි කල හැකි වෙී.

වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවේදී ද?

ඔබට කුරුළෑ ඇතිවීම ආරම්භක අවස්ථාවේ පවතී නම් ඔෘෂධවෙීදියෙකු හමුවී නියමිත ඖෂධ පහසුවෙන් ලබා ගත හැකිය. ඔබේ ශරීරයේ නිතර මතුවන කුරුළෑ මැඩ පැවැත්විය නොහැකි අවස්ථාවේදී ඔබ ඉතා අසරණ තත්ත්වයට පත්වීම නොඅනුමානයි. මෙවැන්නකදී ඔබේ වෛද්‍යවරයා හමු වන්න. සාමාන්‍ය හෝ දරුණු තත්වයේ කුරුළෑ ඔබට ඇත්නම් හෝ කුරුළෑව ගෙඩියක් බවට පත්වුයේ නම් කැළැල් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ඔබ, ඔබගේ වෛද්‍යවරයා හමුවිය යුතුය. කුරුළෑ ඇතිවූ විට එහි ලප කැඩීමට හෝ මිරිකීමට ස්වභාවයෙන්ම පෙළඹීමක් ඇති වුවද, ස්ථිර කැළැල් ඇති විය හැකි නිසා එයින් වැලකෙන්න. ප්‍රතිකාර කර සුව වීමට සාමාන්‍යයෙන් මාස 3 ක කාලයක් වත් ගත වන බැවින් එක් රැයකින් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. නියමිත ප්‍රතිකාරය ලැබුණු විගසම කුරුළෑ හොද අතට හැරේ.

කුරුළෑ ඇති වීමට හේතු මොනවාද?

කුරුලෑ වඩාත් සුලබ වීම ශරීරයේ හෝමෝනවල කිුයාකාරකම් හා සම්බන්ධ වේ. වැඩිහිටි වියට පත්වන අවස්ථාවේදී සාමාන්‍යයෙන් ඇතිවන නමුත් ඔනෑම වයසකදී මෙය කිුයාත්මකවේ. ශරීරයේ ඇතැම් හෝර්මෝන හේතුවෙන් සමේ ඇති රෝම කුප(hair follicles ) අසල ඇති ග්‍රීස් නිපදවන ග්‍රන්ථි මඟින් අධික තෙල් ප්‍රමාණයක් නිපදවනු ලැබේ. (abnormal sebum-ඇබ්නෝමල් සීබම් ) මෙම අසාමාන්‍ය සීබම්, උපද්‍රව රහිත සමෙහි බැක්ටීරියා වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් කරනු ලැබේ. කුරුළෑ වඩාත් ආක්‍රමණශීලි තත්වයට පත්වූ විට දැවිල්ල සහ සැරව ඇති කරයි. හෝර්මෝන, රෝම කූප ඇතුළතට රිංගා ඝණ ද්‍රව්‍යයක⁣ට පරිවර්තනය වී හිසකෙස් සිදුරු අවහිර කරයි. සම පිරිසිදු කිරීමෙන් මෙම අවහිර කිරීම ඉවත් කිරීමට උපකාරි නොවේ. කුරුළෑ ⁣ඇතැම් පවුල් ආවේණික වූ පරම්පරාවෙන් පැවතෙන රෝග ලෙසද හැදින්විය හැක. ඔබේ දෙමව්පියන්ට මෙම රෝගය ඇත්නම් ඔබටත් මෙම රෝගය වැලදීමට ඉඩ තිබේ. ඔසප් චක්‍රය හෝ ගර්භනී සමයේදී ඇති වන හෝමෝන වෙනස්කම්, කාන්තාවන්ට ඇතිවන කුරුලෑ වල සිදුවීම් වලට හේතු විය හැක. ආහාර, දුර්වල ස්වස්ථතාව හෝ ලිංගික ක්‍රියාකාරකම්, කුරුලෑ වල ක්‍රියාකාරිත්වයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත.

රෝගය වැලදෙන්නේ කා හට ද?

කුරුළෑ, යොවුන් ළමයින් හා තරුණ තරුණියන් අතර සාමාන්‍යයෙන් කුරුළෑ වැඩිපුරම දක්නට ලැබේ. වයස අවුරුදු 11 ත් 30 ත් අතර පුද්ගලයින්ගෙන් 80% ක් පමණ කුරුළෑ වලින් පීඩාවට පත්ව ඇත. වයස අවුරුදු 14 සිට 17 දක්වා ගැහැණු ළමයින්ගේද, වයස අවුරුදු 16 සිට 19 දක්වා පිරිමි ළමයින්ගේද කුරුළෑ වඩාත් පොදු වේ. බොහෝ දෙනෙකුට වසර ගණනාවක් තිස්සේ කුරුලෑ ඇතිවී, නැතිවී ඔවුන් වයසට යනවිට රෝග ලක්ෂණ නැති වීමට පටන් ගනු ලැබේ. පුද්ගලයෙකු 25 වියට පත්වන විට කුරුළෑ බොහෝ දුරට අඩු වේ. සමහර අවස්ථාවලදී, කුරුළෑ වැඩිහිටි ජීවිතය තුළ දිගටම ඇතිවිය හැක. වයස අවුරුදු 25 ට වැඩි කාන්තාවන්ගෙන් 5% කටද, හා පිරිමින් ගෙන් 1%කට පමණ මෙම රෝගය දක්නට ලැබේ .